ව්‍යාප්තීකෘත කාංසාව නම් ආබාධය

කාංසාව යනු කනස්සල්ල හෝ බියක් වැනි නොසන්සුන්තාවයකින් යුතු හැගීමකි. මෙය මද හෝ දරුණු ලෙස තිබිය හැක. ජීවිතයේ එක් වරකදී හෝ සියල්ලෝම කාංසාව හැගීමෙන් පෙලී ඇත. උදාහරණයක් ලෙස ඔබට විභාගයකට මුහුන දීමේදී, සෞඛ්‍යය පරීක්ෂණයකට හෝ රැකියා සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේදී ඔබට කණස්සල්ල හා වදවීම දැනී තිබෙන්නට පුලුවන්. මෙවැනි අවස්ථාවන්හිදී කණස්සල්ලක් දැනීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. නමුත් සමහර අය මෙම තමන්ගේ කණස්සල්ල පාලනය කරගැනීමට අපහසුවක් දක්වනවා. ඔවුන්ට කාංසාව පිලිබඳ හැගීම් නිරන්තරයෙන් දැනෙන අතර එය බොහෝවිට එදිනෙදා ජීවිතයට බලපායි. කාංසාව තත්වයන් කිහිපයකම රෝග ලක්ෂණයක් වේ. ඒවා නම්:

මෙම කොටසේ ඇති තොරතුරු ව්‍යාප්තීකෘත කාංසා ආබාධය (GAD) නම් විශේෂිත තත්ත්වයක් පිලිබඳවයි. GAD නම් එක් විශේෂිත සිදුවීමකදී පමණක් නොව, පුළුල් පරාසයක අවස්ථාවන් හා ගැටලු වලදී ඔබට සාංකාව ඇති කරවිය හැකි දීර්ඝ කාලීන තත්ත්වයකි. GAD වලින් පෙලෙන මිනිසුන් බොහෝ දින වල සාංකාවෙන් පෙලෙන අතර සන්සුන්ව සිටි දිනක් මතක් කරගැනීමට ඔවුන්ට නොහැකි තරම්‍ ය. එක් සාංකා හැගීමක් නිරාවරණය කර ගත් වහාම වෙනත් ප්‍රශ්නයක් පිලිබඳව තවත් එකක් පැන නගිනු ඇත.

ව්‍යාප්තීකෘත කාංසාව නම් ආබාධයේ රෝග ලක්ෂණ(GAD)

GAD වලට මානසික මෙන්ම කායික රෝග ලක්ෂණ ද ඇති කල හැකියි. මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර, ඒවාට පහත ඒවාද ඇතුළත්:

කාංසාවට උදව් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවේදී ද

කාංසාව එනම් විෂාදියේ හැගීම් සමහර අවස්ථාවන්හිදී සම්පූර්ණයෙන්ම සාමාන්‍ය වුවද කාංසාව ඔබේ එදිනෙදා ජීවිතයට කරදරයක් ලෙස බලපායි නම් ඔබ වෛද්‍ය වරයෙකු හමුවිය යුතුයි. ඔබට GAD ඇතිදැයි සොයා ගැනීම සදහා ඔබේ වෛද්‍යතුමා ඔබගේ රෝග ලක්ෂණ සහ ඔබගේ කරදරකාරි හැගීම්, බියයන් සහ හැගීම් ගැන ප්‍රශ්න නගාවි.

ව්‍යාප්තීකෘත කාංසාව (විෂාදිය) නම් ආබාධය ඇතිවීමට හේතු?

GAD ඇතිවීමට හේතුව සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන නොමැති අතර එය සාධක කිහිපයක් එකතුවෙන් සිදුවන බවට පැහැදිලිය. පරීක්ෂණ මගින් මෙයට පහත ඒවා ද ඇතුලත් විය හැනි බවට යෝජනා කරයි. ඒවා නම්:

  • හැගීම් සහ හැසිරීම් හා සම්බන්ධ මොලයේ ප්‍රදේශ වල අධිසක්‍රියතාවය
  • සිතේ ස්වභාවය පාලනය හා නියාමනය කරන මොලයේ රසායනික ද්‍රව්‍ය වන සෙරෝටොනින් (serotonin) සහ නොරැඩ්‍රිනලින් (noradrenaline)යන වර්ග වල අසමබරතාවය
  • දෙමව්පියන්ගෙන් ඔබට උරුම වන ජාන - ඔබගේ සමීප ඥාතියෙකුට තත්වය ඇත්නම් ඔබට GAD වර්ධනය වීමට ඇති හැකියාව 5 ගුණයක් පමණ වැඩි වන බවට ඇස්තමේන්තු කර ඇත
  • ගෘහස්ථ හිංසනය, ළමා අපචාර හෝ හිංසන වැනි කම්පනික හෝ ආතතික අත්දැකීම් සහිත අතීතයක් තිබීම
  • ආතරයිටිස් වැනි වේදනාකාරී දීර්ඝ කාලීන රෝග වලින් පෙලීම
  • මත්පැන් අවභාවිතය හෝ මත්ද්‍රව්‍ය භාවිතය පිලිබඳ අතීතයක් තිබීම

නමුත් බොහෝ අයට කිසිදු හේතුවක් නොමැතිව GAD වැළදීම සිදුවේ.

රෝගය වැඩියෙන්ම වැළඳෙන්නේ කා හටද

GAD යනු සාමාන්‍යයෙන් මද වශයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් පීඩාවට පත් කරන තත්ත්වයක් වන අතර, එය අවුරුදු 35ත් 59ත් අය අතර වඩා ප්‍රචලිත වේ.

ව්‍යාප්තීකෘත කාංසාව (විෂාදිය) නම් ආබාධය ට ප්‍රතිකාර කරන ආකාරය

GAD වලට ඔබේ එදිනෙදා ජීවිතයට සැලකියයුතු තරම් බලපෑමක් සිදු කල හැකි වුවද පවතින ප්‍රතිකාර වර්ග කිහිපයක් මගින් ඔබගේ රෝග ලක්ෂණ සමනයට පත් කිරීම සිදුකල හැකියි. මේවාට ඇතුළත් වන්නේ:

ප්‍රතිකාර සමග බොහෝ අයට තමන්ගේ කාංසා මට්ටම පාලනය කරගැනීමට හැකිවේ. නමුත් සමහර ප්‍රතිකාර දීර්ඝ කාලීනව පවත්වා ගත යුතු අතර, මෙහිදී ඔබගේ රෝග ලක්ෂණ තවත් නරක අතට පත්වන කාලයන් තිබිය හැක.

ව්‍යාප්තීකෘත කාංසාව(විෂාදිය) නම් ආබාධය (GAD) සදහා ස්වයං-උදව්

ඔබට ඔබගේ කාංසාව අවම කර ගැනීම සදහා කල හැකි බොහෝ දේ ඇත. ඒවා නම්:

  • ස්වයං උදව් පාඨමාලාවකට සහභාගී වීම
  • නිතිපතා ව්‍යායාම් කිරීම
  • දුම්පානය නතර කිරීම
  • ඔබ පානය කරන මත්පැන් ප්‍රමාණය සහ කැෆේන් ප්‍රමාණය නතර කිරීම